Saturday, February 25, 2012

තමන් හොද වීම මුලු ලොව හොද වීමය.....ලෙසින් සිතිය යුතුමය හැමදාම.....
අනුන් වරද සිතමින් දොම්නස් වීම....
තමන් තුලට කැදවීමකි කෙලෙසීම....

කෙනෙක් හොද යැයි කියූ තරමට
කෙනෙක් ලොව හොද වන්නෙ නෑ....
එයා හොද නෑ කියපු හන්දා
නරක කෙනෙකුත් වන්නෙ නෑ....

Friday, February 24, 2012

පොලීසිය පුදුමයට පත් කළ වැල්ලාගල රජමහා විහාරයයේ ජායාරූපය



වළගම්බා රජු විසින් ඉදිකරනු ලැබූ වාරියපොල වැල්ලාගල පුරාණ රජමහා විහාරය වසර දෙදහසකට වඩා පැරණිය. එහි තිබෙන බුදු පිළිම වල නිධන් වස්තු තැන්පත් කර ඇති බව ප්‍රචලිත කරුණකි.

පසුගිය 03 වෙනිදා වැල්ලාගල පුරාණ රජමහා විහාරස්ථානාධිපති මීවැව සුමන හිමියෝ වාරියපොල පොලීසියට වැඩම කළහ. උන්වහන්සේට උවමනා වුනේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.

"මමත් පොඩි හාමුදුරුවෝත් විහාරස්ථානයේ වැඩ වාසය කරනවා.මේ දවස් වල අපේ විහාරයේ ගල උඩ ඇති විහාරයේ අලුත්වැඩියා කටයුතු කෙරෙනවා ඒ අනුව බාසුන්නැහැලා අද විහාරස්ථනායට පැමිණියා. පොඩි හාමුදුරුවෝ වෙනදා වගේ එම දොරවල් ඇරලා දෙන්න ගිහාම තමයි මේ අපරාධය දැලා තිබුනේ.

ගල උඩ ඇති විහාරයේ ඇති බුදු ගෙට ඇතුල්වෙන ස්ථානයේ දොර ඇරලා බුදුගෙට ඇතුල් වෙන්න තියන දොරවල් දෙක කඩන්න හදලා තිබුණා. ඒත් ඒක කඩන්න බැරි වෙලා තිබෙනවා. ඉන්පසු බුදුගෙට ඇතුල්වෙන බිත්තිය හිල් කරලා තිබෙනවා. බිත්තිය අඩි පහක් හයක් පළලයි. ඒ නිසා එයද අසාර්ථක වී තිබෙනවා. ඊට පස්සේ ලඟම තියන චෛත්‍යද කඩන්න උත්සාහ කරලා තිබෙනවා. ඒ වගේම සැතපෙන පිළිමවහන්සේ නමකගේ සිරස කඩන්න හදලා තිබෙනවා.

මගේ විශ්වාසයේ හැටියට මේ සේරම කරන්න හදලා තියෙන්නේ විහාරස්ථානයේ බුදුගෙට ඇතුල් වෙලා බුදුපිළිම වහන්සේලාගේ තැන්පත් කර ඇති නිධන් වස්තු ලබාගන්නයි. මේ පිළිමවහන්සේලාගේ නිධන්වස්තු තැන්පත් කරලා තිබෙන බවට දැඩි විශ්වාසයක් පවතින නිසා මේ අපාරාධය සිද්ධ කරන්නට ඇතැයි සිතනවා"
 යැයි එම පැමිණිල්ලේ සටහන් විය.

නිධන් හොරුන් විසින් කෙතරම් බුදුමැදුරේ දොරට තද බල ලෙස කෙතරම් පහරදී තිබුනද දොර ඇරගැනීමට නොහැකි වී ඇත. ඉන්පසු බිත්තිය මීටරයක් පමණ සිදුරු කළද එයින්ද බුදු ගෙට රිංගා ගැනීමට නොහැකි වී ඇත.

ඒ අනුව කුරුණෑගල කොට්ඨාශ භාර ප්‍රධාන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා දැනුවත් කරමින් පොලිස් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඇඟිලි සළකුණු ආදිය ගන්නා අතරතුරේ කොල්ලකරුවන් කර තිබූ අලාභය ජායාරූප ගතකරන්නට එම පිරිස කටයුතු කළා.

ඉන්පසු වාරියපොල පොලිස් නිළධාරීන් රැස් කළ තොරතුරුද, කුරුණෑගල කොට්ඨාශයේ අපරාධ විමර්ශන නිළධාරීනුත් එක් රැස් කරගන තිබූ තොරතුරු සංසන්දනය කරමින් ඔවුන් බලන්නට විය. මෙම ජායාරූප සැසඳීමේදී විශේෂ ජායාරූප දෙකක් වෙත වාස් ගුණවර්ධන මහතාගේ අවධානය යොමු විය.

ජායාරූප දෙකෙන් එකක අනෙකේ සටහන් වී නැති රැස් වලල්ලක් වැනි හොඳින් පෙනෙන්නට ඇති ආලෝක සටහනක් විය. ජායාරූප දෙකේ පසුබිම එකම වූ අතර ඒවා ගෙන තිබුනේ තත්පර 6ක් වැනි කෙටි කාලසීමාවකදීය. එය දැකීමෙන් පොලිස් අධිකාරීවරයා ඇතිළු පොලිස් නිළධාරීන් පුදුමයට පත්විය.

"මං විවිධ ආකාරයේ අපරාධ පරීක්ෂණයන් සිය දහස් ගානකට සම්බන්ධ වෙලා තියනවා. ඒත් මුල්වරටයි මෙවැනි දෙයක් දුටුවේ. ඇත්තටම ඒ මොකක්ද කියලා මටවත් හිතාගන්න බෑ. අනික මේ එක්කම ගත් අනෙක් ජායරූපයේ එහෙම දෙයක් සටහන් නොවීමත් පුදුමයක්. ජායාරූප දෙකේ වෙනස තත්පර හයයි. මේ ගැන විවිධ අය විවිධ කතා කියනවා. වැල්ලාගල විහාරස්ථානය දෙවියන් වැඩ සිටින තැනක් කියලත් සමහරුන් කියනවා" යැයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.